කවදා හරි දවසක ජීවිතේ ඇන ගන්න ගියොත් ඒක වෙන එක වළවක්වන්න මෙන්න මේ ලින්ක් එකේ ලිපිය මම මෙතන කොපි කරල තියාගන්නව.
http://rachithra.blogspot.com/2012/08/blog-post.html
මේ කතාව මං හොයාගත්තේ ෆේස්බුක් එකේ කැරකි කැරකි ඉන්න වෙලාවක. කම්මැලිකම ඔහේ කියෙව්වට ඇත්තටම මේ කතාව අපේ ජීවිතයට ආදර්ශයක් දෙන කතාවක්. මේ කතාව දාලා තිබුණේ ෆේස්බුක් එකේ "පට්ට වැඩ" කියන පේජ් එකෙන්. එතනට යන්න මෙතන ඔබන්න. ඔන්න මේක මම ලියපු එකක් එහෙම නෙමෙයි !...
මෙන්න ඒ කතාව.....
සොරිම තමයි
මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..
මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..
කීක් කීක් කීක් කීක්
patio, api ada lunch eka Florence cafe 1n ganimu..welawata
enna. nathnam mama yanawa..ummmmmmma.
හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න. එහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ. කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න. මොනව කරන්නද ?
හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ.. මම කණ්නාඩියෙන් පේන මගේ ප්රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..
අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..
මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ
මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?
එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
-ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?
මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..
මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ
Monday, July 25, 2016
Sunday, July 10, 2016
2016 ජුලි 10 ඉරිදා
සිත කෝපයෙන්,වේදනාවෙන්,බියෙන්,දෙගිඩියාවෙන් පිරී ඉතිරී යයි.ඉතුරු ගණන් ටික සෑදීමට කිසිම හිතක් නැත...
නොදකින් මේ කාලකණ්නිය නං යකෝ පන්තිය නතර කරනවා නං නතර කරපන් එකපාරින් මෙහෙම මරෝල අපේ පිට වැරැද්ද දාල නවත්තන්නෙ නැතුව.තොට හෙන ගහනව එහෙම කලොත් නං...
යකෝ මෙච්චර වැඩ කරන්න අපිට වෙලාවක් කොහෙද අපිට නිදහසේ ඉන්න වෙලාවක් ඇත්තෙම නැද්ද සෙනසුරාදා පන්ති 3යි ඉරිදත් දැන් 2 වෙන්න යන්නෙ සතියෙ දවස් වල දවසෙන් 4න් 3ක් ඉවර වෙලා තමා ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නෙ ඉතින් කොහෙද යකෝ වැඩ කරන්න වෙලාවක්?
යකෝ නිවාඩු දවස් තියෙන්නෙ නිදහසේ විවේකීව ඉන්න මිසක් පන්ති යන්නද ඩෝ?
තව බොහෝ දේ කීමට ඇත...නමුත් දැන් එයට වේලාවක් නැත...
කමක් නෑ ඔන්න ඔහේ මේ ටික විතරක් කරගෙන යනව ඌ බැන්නොත් බැනපිය ගැහුවොත් ගහපිය මං බය නෑ මං සැලෙන්නෙත් නෑ ඌ විතරයෑ ගණන් පන්ති කරන්න ඉන්නෙ.ඉතුරුවා කරන්න තේරෙන්නෙත් නෑ අර කාලකන්නියගෙන් ඇහුවට කියාදෙන්නෙත් නෑ පරයා...
2016.07.10 ඉරිදා

Wednesday, June 29, 2016
2016 ජුනි 29
ජීවිතයට අභියෝග පැමිණෙන්නේ කවුරුත් නොසිතන ලෙසිනි...
අයෙක් ඔහු ආත්මාර්ථකාමියෙකු ලෙස සිතිය හැකිය...සිතක් පපුවක් නැති අයෙකු ලෙස සැලකිය හැකිය...නමුත් ඔහුගේ හදවතේ හැගීම් දන්නේ ඔහු පමණි.
ඔහු ණය ගැන එක එක දේ කියවූයේ තරහකින් නොවේ.නමුත් එහි තරහක්ද ගෑවී නොතිබුනා නොවේ...ඔහුගේ වේදනාව එයින් පිටවිය.
ආ පුතේ ඔයාගෙ සල්ලි
කියමින් මව ඔහුගේ උකුලට රු.1000 නෝට්ටුව දමන විට ඔහුගේ හදවතට අකුණු පහරක් වැදුනා සේ දැනුනු බව දන්නේ ඔහු හා සුළං රැල්ල පමණි.
එම හැගීම තම මව විසින් තමාට දිය යුතු ණය මුදල් සම්පූර්ණයෙන්ම ඔහුට එපා කරවීමට සමත් විය...
ඔහු අවසාන තීරණයත් ගත්තේය...
ඔව්...මගේ මැෂින් එකට සල්ලි මමම හොයාගන්නවා...ඔව්...
තම මුදල් දමන පෙට්ටිය ගත් ඔහු එයින් රු.250ක් තම ඩේටා කාඩ් මිලදී ගැනීම සදහා ළග තබා ගෙන ඉතිරි මුදලුත් රු.1000 නෝට්ටුවත් පෙට්ටිය තුළට දමා මවගේ මැෂින් ලාච්චුවට පෙට්ටිය දැමීය...
තමා මෙලෙස ණය මුදල් අමතක කළත් පසුව ඇතැම් විට තමා ඒ පිළිබද පසුතැවිලි විය හැකි බව ඔහු දනී...එදිනට එවන් වේදනාවක් ඇති නොවීමට,එවන් පසු තැවීමක් ඇති නොවීමට,එය තමාගේ කැමැත්තෙන් සිදුවූවක් බව සිහි තබා ගැනීමට,ඔහු එම හැගුම මෙලෙස සුළං රැල්ලේ පා කර හැරියේය...
2016.06.29

Tuesday, June 28, 2016
2016 ජුනි 28
දෛවයේ සරදමකින් සිදු වුනිද?...සුළං රැල්ල පවා එම සටහන බාර ගැනීම ප්රතික්ෂේද කලේද?...
මෙයට පෙර මම මගේ සටහන තැබීමි...නමුත් කිසියම් කරුණක් නිසා එය විනාශ විය...ඩ්රාෆ්ට් එකක් ලෙස පවා එය සේව් වී නැත...මම පත්වී ඇති බරපතල තත්ත්වය මම හොදින් තේරුම් ගනිමි...
මම කලින් ලිවූ සටහන නැවත ලියමි...
.................................................................................................................................................................
සිත අමුතු භීතියකින් වෙලී යයි...අද උදෑසන ප්රෙබා්ධමත්ව ඇදෙන් නැගිටූ මා දැන් මහත් දුබල තත්ත්වයට ඇද වැටී ඇත...එම හැගුම මෙදිනම මට ඇති වූයේ ඇයි?
ජීවිතයේ මා අතින් සිදුවූ නමුත් කාලයත් සමග යටපත් වූ බරපතල වැරැද්දක් දැන් මට සිහිවේ...
එදා එය සිදුවෙද්දී එහි බරපතල බව මට නොවැටහුනද දැන් මට එය හොදින් වැටහේ...
එම වැරැද්ද එම රහස කා අතින් හෝ හෙලි වී ඇතැයි මට හැගේ...
එය හෙලි වී ඇත්නම්,
දෙවියනේ...මට තව දුරටත් ජීවත් විය නොහැකි වනු ඇත...
නමුත් මම එක දෙයක් දනිමි...
වැරැද්ද වැරැද්දමය...එය කිසිදා යටපත් වී නොපවතී...එය කවදා හෝ හෙලිවනු ඇත...
නමුත් එය හෙලි වූ දාට...
මට කුමක් වේවිද?...
මම විනාශ වේවි...මගේ සිත විනාශ වේවි...මගේ සිහින විනාශ වී යාවි...
එබැවින්,
මම අතින් එම වරද සිදුවූ බව,
මා පසුව ඒ පිළිබද දැනුවත් වූ බව,
ඒ වෙනුවෙන් හැඩූ බව,
ලෝකයාට කීමට,
මා විනාශ වුවත්,
මාගේ හැගුම ලෝකයට දැනුම් දීමට,
මෙම සටහන,
සුළං රැල්ලේ පා කර හරිමි...
මගේ හැගුම,
කවදා හෝ,
මා විනාශ වුවත්,
මා වෙනුවෙන් සාක්ෂ්ය දැරීමට,
මෙම සටහන,
සුළං රැල්ලේ පාවී ඒවි...
2016.06.28

Monday, June 27, 2016
2016 ජුනි 27
හොදයි...
කනේ ඇති ඉයර්ෆෝන් එකෙන් මිහිරි ගී හඩක් ඇසේ...නිවසේ මා පමණි.මම පරිගණකය සමග තනිවීමි.
හොදයි පරයා...තෝ එහෙනං දැන් එහෙමයි...උඹ හිතන් ඉන්න විදිහටම හිතාගෙන හිටපන්...උඹ හිතන් ඉන්නෙ මම පොන්නයෙක් කියලනෙ...හොදයි හොදයි...එදා උඹ නිපුන් කියන සමලිංගිකයට කියපු දේ මට අමතක නෑ...
පොන්නයො ඉදිරියෙ යදින්න එපා...එහෙම උනාම උඹත් පොන්නයෙක් වෙනවා...
හොදයි තෝ එහෙමනෙ කිවුවෙ...උඹට ඒක අමතක උනාට මට ඒක අමතක නෑ...මං ඒක අමතක කරන්නෙත් නෑ...උඹ හොදම යාලුවා කියලා හිතන් ඉදපු උඹව සහෝදරයෙක් විදිහට සලකපු කෙනාටයි පොන්නය කියල අපහාස කළේ...හොදයි බලමු...
හැබැයි මේක මතක තියා ගනින්...කවදාහරි උඹේ ඔය බලු ගතිය නිසා උඹ අසරණ වේවි...පාරෙ වල්මත් වේවි...අන්න එදාට උඹට උඹ ඔය කියපු පොන්නයා ඉදිරියෙ යදින්න වේවි...
තව එකක්...
උඹ බල්ලෙක් උනාට මට බලුුගති නෑ...කවදා කොයි වෙලාවෙ උඹ අසරණ වෙලා හිටියත්...මතක තියා ගනින්...මම උඹට පිහිට නොවී ඉන්නෙ නෑ....
...................................................................................................................................................................
2016.06.27
මගේ හොදම මිතුරා ලෙස සැලකූ දැන් මගේ නරකම සතුරා ලෙස සලකන ඔහුට මගේ හිතේ ඇති දේ මෙලෙස පිට කළෙමි...
සමුගනිමි අද දිනට...
නැවත එමි හදේ හැගුම් පොදි බැද ගෙන...

Friday, June 24, 2016
2016 ජුුනි 24
කිසිදා අමතක නොවේවි...
2016 වසරේ ජුනි 24 දින...
අමතකද නොකරමි...
මගේ හොදම මිතුරා ලෙස සැලකූ ඔහු...
මගේ නරකම සතුරා ලෙස...
මෙතැන් සිට සලකමි...
පරම්පරාගත සතුරෙකු ලෙස සලකමි...
...................................................................................................................................................................
ප.ලි. - මම මගේ හොදම මිතුරා ලෙස සැලකු, මා මිතුරෙකු ලෙස නොව සහෘදයා ලෙස සැලකු ඔහු සහ මා අතර තිබු සම්බන්ධය 2016.06.24 දිනෙන් අවසන් විය...
මෙහි කතාව පසුව ඔබ වෙත දිගහරින්නෙමි...

Wednesday, June 22, 2016
අලුත්වැඩියා කිරීම සහ ස්තූතිය
2016.06.22
අද දින,
මම මගේ දිනපොත ලෙස භාවිත කරන මෙම බ්ලොග් අඩවිය මම මදක් අලංකාර කලෙමි.ටෙම්ප්ලේට් එකේ යම් යම් වෙනස්කම් කිරිමට මට හැකිවිය.මම එසේ සිදු කලේ මගේ සිතේ හැගීම් දත් මෙම බ්ලොග් අඩවියට ගෞරවයක් ලෙසිනි.
එමෙන්ම,
මෙම බ්ලොග් අඩවිය සාදා මසිතේ ඇති දුක සතුට බෙදා හැරීමට උපදෙස් දුන්,
මිතුරෙකු නොව සහෘදයෙකු වැනි කොටි මල්ලියාට හද පිරි ස්තුතිය පුද කරමි.!
මාගේ සිත නිවැරදිව කියවූයේ ඔහු පමණි.නැවත වරක් ඔහු වෙත ස්තූතිය පුද කරමි...!
මම සමුගනිමි...නැවත පැමිණෙමි...සිතේ සිරවූ හැගුම් පොදි බැද ගෙන...

Subscribe to:
Posts (Atom)