Wednesday, June 29, 2016

2016 ජුනි 29

ජීවිතයට අභියෝග පැමිණෙන්නේ කවුරුත් නොසිතන ලෙසිනි...

අයෙක් ඔහු ආත්මාර්ථකාමියෙකු ලෙස සිතිය හැකිය...සිතක් පපුවක් නැති අයෙකු ලෙස සැලකිය හැකිය...නමුත් ඔහුගේ හදවතේ හැගීම් දන්නේ ඔහු පමණි.

ඔහු ණය ගැන එක එක දේ කියවූයේ තරහකින් නොවේ.නමුත් එහි තරහක්ද ගෑවී නොතිබුනා නොවේ...ඔහුගේ වේදනාව එයින් පිටවිය.

ආ පුතේ ඔයාගෙ සල්ලි

කියමින් මව ඔහුගේ උකුලට රු.1000 නෝට්ටුව දමන විට ඔහුගේ හදවතට අකුණු පහරක් වැදුනා සේ දැනුනු බව දන්නේ ඔහු හා සුළං රැල්ල පමණි.

එම හැගීම තම මව විසින් තමාට දිය යුතු ණය මුදල් සම්පූර්ණයෙන්ම ඔහුට එපා කරවීමට සමත් විය...

ඔහු අවසාන තීරණයත් ගත්තේය...

ඔව්...මගේ මැෂින් එකට සල්ලි මමම හොයාගන්නවා...ඔව්...

තම මුදල් දමන පෙට්ටිය ගත් ඔහු එයින් රු.250ක් තම ඩේටා කාඩ් මිලදී ගැනීම සදහා ළග තබා ගෙන ඉතිරි මුදලුත් රු.1000 නෝට්ටුවත් පෙට්ටිය තුළට දමා මවගේ මැෂින් ලාච්චුවට පෙට්ටිය දැමීය...

තමා මෙලෙස ණය මුදල් අමතක කළත් පසුව ඇතැම් විට තමා ඒ පිළිබද පසුතැවිලි විය හැකි බව ඔහු දනී...එදිනට එවන් වේදනාවක් ඇති නොවීමට,එවන් පසු තැවීමක් ඇති නොවීමට,එය තමාගේ කැමැත්තෙන් සිදුවූවක් බව සිහි තබා ගැනීමට,ඔහු එම හැගුම මෙලෙස සුළං රැල්ලේ පා කර හැරියේය...

                                                                                                            2016.06.29

Tuesday, June 28, 2016

2016 ජුනි 28

දෛවයේ සරදමකින් සිදු වුනිද?...සුළං රැල්ල පවා එම සටහන බාර ගැනීම ප්‍රතික්ෂේද කලේද?...

මෙයට පෙර මම මගේ සටහන තැබීමි...නමුත් කිසියම් කරුණක් නිසා එය විනාශ විය...ඩ්‍රාෆ්ට් එකක් ලෙස පවා එය සේව් වී නැත...මම පත්වී ඇති බරපතල තත්ත්වය මම හොදින් තේරුම් ගනිමි...

මම කලින් ලිවූ සටහන නැවත ලියමි...

.................................................................................................................................................................

සිත අමුතු භීතියකින් වෙලී යයි...අද උදෑසන ප්‍රෙබා්ධමත්ව ඇදෙන් නැගිටූ මා දැන් මහත් දුබල තත්ත්වයට ඇද වැටී ඇත...එම හැගුම මෙදිනම මට ඇති වූයේ ඇයි?

ජීවිතයේ මා අතින් සිදුවූ නමුත් කාලයත් සමග යටපත් වූ බරපතල වැරැද්දක් දැන් මට සිහිවේ...
එදා එය සිදුවෙද්දී එහි බරපතල බව මට නොවැටහුනද දැන් මට එය හොදින් වැටහේ...
එම වැරැද්ද එම රහස කා අතින් හෝ හෙලි වී ඇතැයි මට හැගේ...
එය හෙලි වී ඇත්නම්,

දෙවියනේ...මට තව දුරටත් ජීවත් විය නොහැකි වනු ඇත...

නමුත් මම එක දෙයක් දනිමි...

වැරැද්ද වැරැද්දමය...එය කිසිදා යටපත් වී නොපවතී...එය කවදා හෝ හෙලිවනු ඇත...

නමුත් එය හෙලි වූ දාට...

මට කුමක් වේවිද?...

මම විනාශ වේවි...මගේ සිත විනාශ වේවි...මගේ සිහින විනාශ වී යාවි...

එබැවින්,
මම අතින් එම වරද සිදුවූ බව,
මා පසුව ඒ පිළිබද දැනුවත් වූ බව,
ඒ වෙනුවෙන් හැඩූ බව,
ලෝකයාට කීමට,
මා විනාශ වුවත්,
මාගේ හැගුම ලෝකයට දැනුම් දීමට,

මෙම සටහන,

සුළං රැල්ලේ පා කර හරිමි...

මගේ හැගුම,
කවදා හෝ,
මා විනාශ වුවත්,
මා වෙනුවෙන් සාක්ෂ්‍ය දැරීමට,
මෙම සටහන,
සුළං රැල්ලේ පාවී ඒවි...

                                                                                                                      2016.06.28

Monday, June 27, 2016

2016 ජුනි 27

හොදයි...

කනේ ඇති ඉයර්ෆෝන් එකෙන් මිහිරි ගී හඩක් ඇසේ...නිවසේ මා පමණි.මම පරිගණකය සමග තනිවීමි.

හොදයි පරයා...තෝ එහෙනං දැන් එහෙමයි...උඹ හිතන් ඉන්න විදිහටම හිතාගෙන හිටපන්...උඹ හිතන් ඉන්නෙ මම පොන්නයෙක් කියලනෙ...හොදයි හොදයි...එදා උඹ නිපුන් කියන සමලිංගිකයට කියපු දේ මට අමතක නෑ...

පොන්නයො ඉදිරියෙ යදින්න එපා...එහෙම උනාම උඹත් පොන්නයෙක් වෙනවා...

හොදයි තෝ එහෙමනෙ කිවුවෙ...උඹට ඒක අමතක උනාට මට ඒක අමතක නෑ...මං ඒක අමතක කරන්නෙත් නෑ...උඹ හොදම යාලුවා කියලා හිතන් ඉදපු උඹව සහෝදරයෙක් විදිහට සලකපු කෙනාටයි පොන්නය කියල අපහාස කළේ...හොදයි බලමු...

හැබැයි මේක මතක තියා ගනින්...කවදාහරි උඹේ ඔය බලු ගතිය නිසා උඹ අසරණ වේවි...පාරෙ වල්මත් වේවි...අන්න එදාට උඹට උඹ ඔය කියපු පොන්නයා ඉදිරියෙ යදින්න වේවි...

තව එකක්...
උඹ බල්ලෙක් උනාට මට බලුුගති නෑ...කවදා කොයි වෙලාවෙ උඹ අසරණ වෙලා හිටියත්...මතක තියා ගනින්...මම උඹට පිහිට නොවී ඉන්නෙ නෑ....

...................................................................................................................................................................
2016.06.27

මගේ හොදම මිතුරා ලෙස සැලකූ දැන් මගේ නරකම සතුරා ලෙස සලකන ඔහුට මගේ හිතේ ඇති දේ මෙලෙස පිට කළෙමි...

සමුගනිමි අද දිනට...
නැවත එමි හදේ හැගුම් පොදි බැද ගෙන...
                                                                                                                         2016.06.27

Friday, June 24, 2016

2016 ජුුනි 24

කිසිදා අමතක නොවේවි...

2016 වසරේ ජුනි 24 දින...

අමතකද නොකරමි...

මගේ හොදම මිතුරා ලෙස සැලකූ ඔහු...

මගේ නරකම සතුරා ලෙස...

මෙතැන් සිට සලකමි...

පරම්පරාගත සතුරෙකු ලෙස සලකමි...

...................................................................................................................................................................

ප.ලි. - මම මගේ හොදම මිතුරා ලෙස සැලකු, මා මිතුරෙකු ලෙස නොව සහෘදයා ලෙස සැලකු ඔහු සහ මා අතර තිබු සම්බන්ධය 2016.06.24 දිනෙන් අවසන් විය...

මෙහි කතාව පසුව ඔබ වෙත දිගහරින්නෙමි...

Wednesday, June 22, 2016

අලුත්වැඩියා කිරීම සහ ස්තූතිය

2016.06.22
අද දින,
මම මගේ දිනපොත ලෙස භාවිත කරන මෙම බ්ලොග් අඩවිය මම මදක් අලංකාර කලෙමි.ටෙම්ප්ලේට් එකේ යම් යම් වෙනස්කම් කිරිමට මට හැකිවිය.මම එසේ සිදු කලේ මගේ සිතේ හැගීම් දත් මෙම බ්ලොග් අඩවියට ගෞරවයක් ලෙසිනි.

එමෙන්ම,
මෙම බ්ලොග් අඩවිය සාදා මසිතේ ඇති දුක සතුට බෙදා හැරීමට උපදෙස් දුන්,
මිතුරෙකු නොව සහෘදයෙකු වැනි කොටි මල්ලියාට හද පිරි ස්තුතිය පුද කරමි.!
මාගේ සිත නිවැරදිව කියවූයේ ඔහු පමණි.නැවත වරක් ඔහු වෙත ස්තූතිය පුද කරමි...!

මම සමුගනිමි...නැවත පැමිණෙමි...සිතේ සිරවූ හැගුම් පොදි බැද ගෙන...




Saturday, June 18, 2016

18th june 2016

ඔහු ත්‍රීරෝද රථයට නැගුනේ අවුල් වු සිතකිනි.කුමක් කරන්නදෝ සිතාගත නොහැකි විය.ඔහු යන ගමන් තම මුදල් සිතෙන් ගණන් කලේය.තම මුදල එය මිලදී ගැනීමට ඇතිවෙයිද?ඔහුට සිතාගත නොහැකි විය.ඔහු තම මිතුරාගේ නිවසට පැමිනි අතර ඔහු ඒ වන විටත් ලැහැස්ති වි නොතිබිනි.ඔහු නැවත වරක් මුදල් සිතෙන් ගණන් කරන්නට විය.*එතකොට අම්ම දුන්න 220ක්.100ක් ගියා.ඉතුරු එකසිය විස්සයි.ඒකෙන් සියක් මං මොනිටරේට දානවා.එතකොට ඒකෙ 3500 හරි.ඒත්...ඊට පස්සෙ මම අමතරව ගෙනා රු.110...ඒකෙන් 20ක් මෙතනින් ටවුමට...එතකොට 90යි.ඊට පස්සෙ ටවුමෙන් පන්තියට තව 20යි.පන්තියේ සිට ටවුමට තව රු.20යි.එහ්...50යි ඉතුරු.ත්රිවිල් එකට 100ක් එපැ...අරක උස්සන් බස් එකේ එන්න බැහැ.*ඔහු තනිවම කැලබුනු සිතින් කල්පනා කලේය.ඔහු අවසානයේ පන්තියට ගියේය.පන්තියේදි ඔහු හොදින් පාඩම අසා ගත් නමුත් සිත තිබුනේ වෙනතකය.ඔහු පන්ති ගාස්තුව දෙද්දී ඔහු ලග තිබු 100 නොට්ටු 7ක් දී ගාස්තු ගෙවා තම මව පන්තියට දි තිබු 1000 නොට්ටුව සාක්කුවට දමා ගත්තේය.
කමක් නැ මම ඉතුරු 300න් 100ක් ගන්නවා.අම්මා කැගැහුවොත් 10කාසි 10ක් කැටෙන් අරන් දෙනවා.ඔහු එසේ කල්පනා කලේය.
ඔහු පන්තියෙන් එලියට බසිද්දි ඔහුගේ මිතුරාගේ මව ඔහු ඉදිරියට පැමිනියේය.
පුතේ අම්මා කිවුවා ඔයා ලග සල්ලි තියනවා කියල සුදු රෙදි මිටර් 300ක් ගෙන්න කියලා.එන්න මං තොරල දෙන්නම්.
ඔහු තිගැස්සුනේය.මං ලග 300යි තියෙන්නෙ.ඔහු ක්ෂණිකව පැවසිය...කමක් නැ...මිතුරාගේ මව පැවසුවේය.
ඔහු ක්‍රෝධයෙන් පසු විය.මෙය තම වැඩ පිලිවෙලට මරු පහරක් විය.රෙදි මිටර් 3 රු.200-250ත් අතර වේවා යැයි ඔහු ප්‍රාර්තනා කලේය.
ඔහුගේ පැතුම ඉටු නොවිනි.රෙදි මීටර් 3 රු.360ක් බව කඩ හිමියා කියා සිටියේය.
නැන්දෙ මම ගාව 300යි තියෙන්නෙ.ඔහු මිතුරාගේ මවට කියා සිටියේය.කමක් නෑ මම ඉතුරු 60 දෙන්නම්. ඇය කිවාය.ඔහු එලෙස රෙදි මිටර් 3ද මිලදි ගත්තේය.
කමක් නැ අම්මා මගේ ණය තාම දුන්නෑනෙ...මමත් ඒක දෙනකන් ආපහු ණය දෙන්නෙ නැ...ඔහු එසේ සිතුවේය.
ඔවුහු බස් නැවතුම්පලට පැමිනි අතර ඔහු නැන්දෙ එහෙනං මම යනවා මට පොඩි වැඩකට කම්පියුටර් ෂොප් එකට යන්න ඕන.ඔහු මිතුරාගේ මවට පැවසීය.
හා පුතේ එහෙනං අපි යනවා...  ඔවුහු ඔහුගෙන් සමුගත්හ.ඔහු තනිවම පරිගණක අලෙවිසැලට පිය නැගුවේය.
ඔහු යන විට පරිගණක අලෙවි සැලේ හිමිකරු චතුර ඉතා ප්‍රමෝදයෙන් තම පාරිබෝගියකය්න සමග සිටියේය.ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුද එහෙි ගේම් ගසමින් සිටියහ.
අයියෙ අගල් 15 lcd monitor එකක් කියක් වෙනවද?
ඔහු කෙලින්ම චතුරගෙන් ඇසිය.ඔහු එහි මිල 3500 බව දැනසිටියත් දැන් ගාන වැඩිකරලදෝ දැයි දැන ගැනිමට නැවත මිල ඇසුවේය.
ඒක 3500යි මල්ලි
චතුර කෙලින්ම පිලිතුරු දුන්නේය.
මොන මොනිටරේද අයියෙ ඒ?

ඔය ඔතන තියන samsung එක මල්ලි

ඔහු ගොස් බැලුවේය.සිත් අදනා සුලු මොනිටරයක් එහි රාක්කයක තිබුනි.වරක් එදෙස බැලූ ඔහු තම සාක්කුවේ තිබු මුදල් අතට ගෙන ගනන් කරන්නට විය.
මොනිටරේට 3500ක් දුන්නම රු.50යි ඉතුරු වෙන්නෙ ත්රිවිල් එකක හන්දියට වත් යාගන්න 100 ඕන.බස් එකේ මේක අරන් යන්න ගියොත් පිස්සු හැදෙයි.
ඔහු තම සිත තුල වාද කලේය.
නෑ මං බස් එකේ හරි මේක අරන් යනවා.ඊට කලින් චතුරයාගෙන් අහල බලන්න ඕන මේක 3400ට දෙනවද කියලා.
ඔහු සිත දැඩි කරගත්තේය.හදිසියේම සිත වෙලාගත් ආත්ම විශ්වාසයකින් ඔහුගේ සිත දැඩි විය.ඔහු නැවත චතුර වෙත ගියේය.
අයියෙ අර මොනිටරේ මට 3400කට දෙන්න බැරිද?

දෙන්නං....!

චතුරයා සැනෙකින් කීවේ ඔහු තුල දැඩි සතුටක් ඇති කරවමිනි.
එහෙනං දෙන්නකෝ එක..
චතුර වහා නැගිට මොනිටරය පිසදා කර ඔහුට දුන්නේය.එදෙස බලා සිටි ඔහුගේ දෙපා වෙවුලනු ඔහුට දැනින.ඔහු කිසි දිනෙක මෙවැනි දෙයක් සිදුකර නැත.
ඔහු චතුරට මුදල් ගෙවා රිසිට් පත තබා ගෙන මොනිටරයද දෑතින් ඔසවාගෙන ත්රිරෝද රථ නවතා තිබු තැනට ගියේය.
අයියෙ නවලෝකපුර හංදියට කීයක් ගන්නවද?අපි වෙනදට නං යන්නෙ 100යි. ඔහු ත්රීරෝද රථ රියදුරුට පැවසීය.
යමු...
ඔහු ත්රිරෝද රථයට නැග හංදියට පැමින මුදල් ගෙවා මොනිටරය ඔසවාගෙන නිවසට යන්නට විය.
ඔහුගේ සිත තුල ඉමහත් ජයග්‍රාහි හැගිමක් පහල වී තිබුනි.
ඔව් මට පුලුවන්...මම සැලෙන්නෙ නැ...
ඔහු තනිවම එසේ සිතිය...

Thursday, June 2, 2016

හොදම මිතුරෙකු??? 1

2016.06.02 වෙලාව පස්වරු 9.45යි...සිතට සැනසුමෙහි සේයාවක්වත් නැත...එබැවින් කොටස් වශයෙන් හෝ ඉදිරියට සිතට වද දෙන හැගුම දිග හැරයාමට මම තීරණය කළෙමි.

මොහොතක් සිතමි...

මට...

මගේ ජීවිතයේ හොදම මිතුරෙකු?...අවම වශයෙන් 3 නෙකු මතකයට නැගිය හැකිය.ඔවුන් හොදම මිතුරන්ද නරකම මිතුරන්ද?...මම මහත් කලකිරුනෙමි...මිතුරන් ගැන නොව හොදම මිතුරන් ගැන...(මෙහිදී නම් ගම් මනංකල්පිත කිරීමට අදහස් කරමි)

මගේ ජීවිතයේ හොදම මිතුරෙකු ලෙස...මීට වසර 9කට පෙර...ඔහු මට මුණගැසුනි...ඒ ළදරු පාසලේදීය(මොන්ටිසෝරි)...මුනගැසුනු ආකාරය පැවසීමට කාලස නාස්ති නොකරමි.ඔහු නමින් අදීෂ නම් විය...මා ඔහු මගේ හොදම මිතුරා ලෙස සැලකීමි.ඔහු මා ඔහුගේ හොදම මිතුරා ලෙස සැලකූවාදැයි මම නොදනිමි.මට ඔහු අදුනාගත නොහැකි විය.ඔහු මා සමග එක් වූයේ එක් වසරකි.

කල් වේලා නොමැත...ඉදිරිය අනාගතයේදී මා අතින් ලියවෙනු මා සහතික කරමි...මම පරිගණකය ක්‍රියා විරහිත කරමි.

2016.06.02 වෙලාව පස්වරු 9.38යි.

මීට විනාඩි කිහිපයකට පෙර මම මගේ දිනපොත නිර්මාණය කලෙමි.පළමු ලිපියද ඇතුළත් කලෙමි.නමුත් මගේ සිත සැනසුනේ නැත.

සිත අමුතු භීතියකින් දෙගිඩියාවකින් පිරී ඉතිරී යයි.උදරය රත්වූවාක් මෙන් දැනෙයි.ඒ ඇයි දැයි කියා මා නොදනී.

දිනපොතේ මගේ බර වූ හැගුම ලිවීමට පිටු 10ක්වත් උවමනාවනු ඇත.නමුත් පිටුවක්වත් ලිවීමට මට කාලය නැත.

එබැවින් එම කාර්යය පසුවට තබමි.

මම දැන් නින්දට යමිද?...එයට සිත නොදෙයි.පරිගණකය ක්‍රියා විරහිත කරම්ද?...එයින් මගේ දෙගිඩියාව තවත් වැඩි වනු නිසැකය.

සිතේ් හැගීම පිට කිරීමට කාලය නොමැත...මගේ සිතට මේ දිනයේ සැනසුමක් නැත...


පළමු ලිපිය...

හ්ම්....

මතකයෙන් ඉවත් නොවන ඒ හැගීම් පිටකිරීමට මම පෑන වෙනුවට මම පරිගණකයේ යතුරුපුවරුව තෝරා ගනිමි.ඒ මම පෑනට වඩා පරිගණකයේ යතුරු පුවරුවට පෙම් කරන නිසයි.

මගේ දිනපොත ලෙස මා අන්තර්ජාලය තෝරාගන්නේ කඩදාසි පොතකට වඩා අන්තර්ජාලයට මා පෙම් කරන නිසයි.

අද සිට...

මගේ සිතේ මා හිරකරගත් හැගුම් මෙමගින් ලෝකයට එළිවනු ඇත...

ස්තූතියි!!!

2016.06.02