Thursday, July 28, 2016

2016 ජුලි 28

දිනය - 2016 ජුලි 28
වේලාව - ප.ව.7.46

...................................................................................................................................................................

හ්ම්...හිතට දැනෙන හැගුම වචනයෙන් විස්තර කළ නොහැකිය...එය සතුටද?...නැතිනම් දොම්නසද?...මට නොවැටහේ...

කාලය ගෙවී යයි...
විටෙක සෙමින්...විටෙක වේගයෙන්...
ඒත් ඒ හැම විටම අප වයසට යනවා නොවේද?...අපේ ජීවිතය ගෙවෙනවා නොවේද?...

9 ශ්‍රේණිය දෙවැනි වාරය නිමාවූ අරුමය...
කිසිවක් සිතාගත නොහැකිය...
මා වැටුනු මිනිසෙක්ද?...මට නොවැටහේ...ධෛර්යය හීන වී යනු දැනේ...මා නැගිටින්නේ කෙසේද?...මට නොවැටහේ...

අතීතය චිත්‍රපටයක් සේ මතකයට නැගේ...
මා පෙර පාසලට ඇතුලු වූ දා පටන් මේ දක්වා මගේ පාසල් දිවියේ සියලු මතකයන් චිත්‍රපටියක් සේ මනසෙහි ගලා යයි...

මා කුමක් කරම්ද?...මට නොවැටහේ...නිවාඩු කාලය ලැබුනා කියා පෙරදා මගේ සිතෙහි තිබූ නිදහස් හැගුම මා ළග දැන් නැත...

පාසලේ ක්‍රීඩාගාරයේ පුටුවකට වී ක්‍රීඩාංගනයට ඉහළින් නිල් අහස දෙස බැලූ මට...කාලය ගතවන වේගය ගැන පැවසුවේ මගේ හෘද සාක්ෂ්‍ය විය යුතුය...

නැවතත් මගේ ඒ ළමා කාලයට යා හැකි නම්...මගේ පරණ පාසලට යා හැකිනම්...ඒ මිතුරන් නැවතත් හමුවිය හැකි නම්...මා හට නිවන් දැක්කා වැනි හැගුමක් ඇති වනු ඇත...

කොළඹ පාසල මගේ ජීවිතය පහත වැට්ටුවා යැයි මට හැගේ...මගේ පරණ පාසලේ තිබූ හිතවත්කම,සහෝදරත්වය කොළඹ පාසලේ නැත...

මගේ හොදම මිතුරා මට ද්‍රෝහි විය...නමුත් මට කළ හැකි දෙයක් නැත...

ජීවිතයේ අනිත්‍ය බව මට දැන් වැටහෙයි...බුදු දහමේ වදන් මට දැන් වැටහෙයි...නමුත් ඒ පිළිබද කිසිදු උවමනාවක් මට නැත...මේ සසර ගමනින් එතෙර වන්නට මට උවමනාවක් නැත...

කාලය යනු අමුතුම දෙයකි...මට කාලයේ සරදම් වටහාගත නොහැකි විය...එය ගෙවී යයි...සෑම තත්පරයකදීම ගෙවී යයි...නැවත එය නොපැමිණේ...කාලය ගෙවෙන හැම තත්පරයක් පාසා මම වයසට යනවා නොවේද?...

මට නොවැටහේ...

2016 ජුනි 28 දින ප.ව.8.01යි...